අප්‍රේල් මස 20 වෙනිදා ඇරඹීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ඒ වෙනුවෙන් ගනු ලැබූ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී.
එමෙන්ම විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්ත්වය සමාලෝචනය කොට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.