මේ සිරිපා වන්දනා සමයයි. බොහෝමයක් බැතිමතුන් වසරකට එක් වරක් හෝ සිරිපා කරුණා කිරීම සිරිතක් ලෙසට ගෞරව පූර්වකව සිදු කරනු ලබයි. ඇතැමෙක් මේ වසරේ සිරිපා කරුණා කළ මාර්ගය හැර වෙනත් මාර්ගයකින් ඊළග වසරේ කරුණා කරයි. තවත් පිරිසක් එක් මගකින් සිරිපා මඑවට කරුණා කර තවත් මගකින් බැසීම සිදු කරයි. මේ කුමන ආකාරයෙන් සිරිපා කරුණා කළත් සෑම බැතිමතකුගේ සිතේම ඇත්තේ බුදුන් කෙරෙහි වූ අපරිමාණ ශ්රද්ධාවත් දෙවියන් කෙරෙහි ඇති වූ අසීමිත විශ්වාසයත්ය. ඉතින් මේ අපි දැනුවත් කරන්නට සූදානම් වන්නේ සිරිපා කරුණා කිරීමට තිබෙන රත්නපුර ප්‍රදේශයට සමීපව ඇති තවත් අප්‍රකට මාර්ගයක් ගැනයි. ඒ තමයි අමුණුතැන්නේ ඩිංගිරි කංකානම විසින් සෑදූ දෙහෙනකන්ද මුක්කුවත්ත හරහා යෙදී ඇති සිරිපා ගමන්මගයි. මෙම මාර්ගය අවුරුදු අසූ හයකට පමණ පෙර සාදාගත් වනගහණයෙන් පිරි මාර්ගයක්. නමුත් සිරිපා වන්දනා සමයේ වුවත් මෙම මාර්ගය ජනාකීර්ණ ස්වරූපයක් ගන්නේ නම් නැහැ. ඊට හේතුව තමයි මෙම මාර්ගයේ පහසුකම් අවම වීම. අම්බලම් එකක් පමණක් ඇති මෙම මාර්ගයේ විදුලි ආලෝකය හා වෙළෙදසැල් පහසුකම් කිසිවක් දක්නට නොලැබේ. එබැවින් බොහෝ පිරිසක් මෙම මාර්ගය භාවිතා කරන්න කැමැත්තක් නොදක්වයි. ඒ වගේම මං සළකුණු අඩු බැවින් මෙහි ගමන් කරනු ලබන්නේ මාර්ගය පිළිඹද සුලු හෝ දැනුමක් ඇති අය පමණි. මීට අමතරව ජී.පී.එස්. තාක්ෂණය හා මාලිමාවල සහාය ලබාගෙන කදු තරණය කිරීමේ අවශ්‍යතාවය හා හැකියාව ඇති අය මේ මාර්ගය භාවිතා කරනු ලබනවා. මීට අමතරව මෙම මාර්ගයේ වැඩිපුරම ගමන් කරන්නේ පැලෑඳගම වේවැල්වත්ත, පහළගම, රත්ගම, අමුණුතැන්න, ගල්ලෑල්ල, බඹරබොටුව, ගලබඩ, මල්වල, දෙහෙනකන්ද, බටේවෙල ගුරුබැවිලාගම වැනි ගම් ප්‍රදේශවල සිටින ජනතාවයි. ඔවුන් මේ ප්‍රදේශවල වාසය කරන අය බැවින් මේ මාර්ගය ගැන මනා දැනුමක් ඇති අයද වේ.
රත්නපුර නගරයේ සිට මුක්කුවත්ත දක්වා පොදු ප්‍රවාහණ සේවයෙන් ගමන් කළ හැකි අතර එතැන් සිට පා ගමනින් සිරිපා කරුණාව ආරම්භ කළ යුතුවේ. මුක්කුවත්තේ කෝවිල අසලින් ඉහළට ඇති මාර්ගය ඔස්සේ කිලෝමීටර් එකක් පමණ ගමන් කළවිට කොන්ක්‍රීට් දැමූ මාර්ගයක් හමුවේ. එම මාර්ගය දිගේ මද දුරක් ආ විට කුඩා බුදු මැදුරක් දර්ශණය වේ. සිරිත් පරිදි වතාවත් කර වන්දනාකරුවන් සිරිපා කරුණාව ආරම්භ කරන්නේ මෙම බුදු මැදුර අසලිනි. බුදු මැදුර අසලින් පහළට ඇති තේවත්ත දිගේ ගමන් කළ විට රත්ගග හමුවේ. අනතුරුව මෙම මාර්ගයේ ඇති එකම අම්බලම වන සෝමරත්න අම්බලම මුණ ගැසේ. එතැනින් ඉදිරියට ගමන් ගැනීමේදි ජල පෝෂක ප්‍රදේශයක් වන වේවැල්දොළද, තරමක් දුෂ්කර ගමනකින් පසුව වැල්ලක්කාර ගල්ගෙයද හමුවේ. මෙය වර්ෂාවෙන් ආවරණය වීමට තරමක් යෝග්‍ය ස්ථානයකි. එතැනින් නැවතත් ඉදිරියට ගමන් කිරීමෙන් පසුව “බෑණ සමනොළ” නම්වූ නිම්නයට ළගා විය හැක. මෙය කදවුරු බැදීම සදහා යෝග්‍ය පරිසරයකි. අනතුරුව සීත ගගුලටද (මැණික් ගග) ඉදිකටුපාන හෙවත් වූෂිමලේ ප්‍රදේශයටද ලගාවිය යුතුය. මෙම ස්ථානය කුඩා බුදු පිළිමයක් සහිත ස්ථානයකි. එම ස්ථානයේ සිට නැවතත් දුෂ්කර කදු සහිත මගක් තරණය කළ පසු අනෙකුත් සියලුම මාර්ගයන්ට වෙනස් කෝණයකින් ශ්‍රීපාද කන්ද පැහැදිලිව දැකගත හැක. එම ස්ථානයෙන් පහළට ඇති මාර්ගයේ තවත් දුෂ්කර ගමනකින් අනතුරුව ඇහැළ කණුවත් මහගිරිදඹයටත් ආසන්නයේදී රත්නපුර සිට පැමිණෙන ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ වේ. මුක්කුවත්තෙන් ආරම්භ වන මෙම මාර්ගය ඇහැළකණුව මහගිරිදඹයට ආසන්නයේදී ප්‍රධාන මාර්ගයට එකතුවන ස්ථානය වන තෙක්ම ඇත්තේ අවුරශ්මිය රහිත හරිත වර්ණයෙන් පිරි වනාන්තර ප්රදේශයන්ය. එමෙන්ම පිරිසිදු ජල දහරා වලින්ද අඩුවක් නොවීම තවත් විශේෂත්වයකි.
මෙම මාර්ගය සොයා ගැනීමේ පුරෝගාමියා වූයේ අමුණුතැන්නේ පදිංචිව සිටි වෙඩික්කාරගේ ඩිංගිරි කංකානම මහතායි. ඔහු විසින් තබන ලද සටහනක තොරතුරු ඒ මහතාගේ ඥති මිණිබිරියක් වන පැලෑඳගම පදිංචි පී. පී. රත්නසීලි මහත්මිය විසින් පැලෑඳගම ශ්‍රී සුධර්මාරාමාධිපති ශාස්ත්‍රවේදී ලත්පඳුරේ අමරවංශ හිමියන් වෙත ලබා දී ඇත. ඒ සම්බන්ධව තොරතුරු සම්බන්ධ ලිපියක් 2013 දිවයින පුවත්පතේ පළවී තිබිණි. සාරාංශයක් ලෙස ගත් කළ එහි විස්තර මේ ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය.
1933 ක්වූ පෙබරවාරි මස 08 දින ඩිංගිරි කංකානම මහතා ඇතුලු 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් මුක්කුවත්ත රත්ගග ආසන්නයේ සිට මාර්ගය හෙළි පෙහෙළි කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. දින කිහිපයක මහත් පරිශ්‍රමයෙන් හා ඒ දින කීපය අතරතුර යම් කිසි බලවේගයක් විසින් ඩිංගිරි කංකානම හට සිහිනෙන් පෙන්වූ මං සළකුණු ඇසුරින් ඇහැළ කණුව ආසන්නයට මාර්ගය සකස් කර ගැනීමේ හැකියාව මේ පිරිසට ලැබී ඇත. අනතුරුව 1933 මැයි මස 26 වැනි දින බළන්ගොඩ ආනන්ද මෛත්රෙිය ස්වාමින්වහන්සේ ප්රමුඛ ස්වාමීන්වහන්සේලා 18 නමක් හා සියයකට වැඩි පිරිසක් මෙම මාර්ගය ඔස්සේ මුල් වරට සිරිපා කරුණා කිරීම ආරම්භ කරන ලදී. එදා සිට අද දක්වාම අවුරුදු 86ක් පුරාවට මෙම මාර්ගය සාමාන්‍ය ජනයා වෙත විවෘතව තිබූ නමුත් ජනතාව අතර ප්‍රචලිත වූයේ නැත.
කෙසේ වෙතත් මෙම මාර්ගයේ ගමන් කිරීමේ තීරණය ඔබ සතුය. නමුත් ත්‍රිවිධ රත්නානුභාවයෙන් හා සුමන් සමන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඔබට මග උවදුරක් නොවන බවට ඒකාන්තය. මෙම මාර්ගය ජනතාවගේ පරිහරණය වෙනුවෙන් සුදුසු ලෙස සකස් කර දීම අදාළ බළධාරීන්ගේ වගකීමය. එම වගකීම ඔවුන් ඉටු කළහොත් නොකිලිටි මෙම පරිසරයේ සුන්දරත්වය සුරැකීම වන්දනා කරුවන්ගේ වගකීමය. එමෙන්ම ඔබ සිරිපා කරුණා කිරීමට කුමන මාර්ගයක් තෝරාගනු ලැබුවත් පොලිතීන් ප්ලාස්ටික් ආදී නොදිරන ද්‍රව්‍ය රැගෙන නොයාමට වගබලාගන්න. ගෙන යන්නේ නම් ඒවා නැවතත් රැගෙනයාමට කාරුණික වන්න. ආගමට දහමට ගරු කරන පින්වතෙක් සේම පරිසරයට ආදරයකරන මිනිසෙක්ද වීමට අමතක නොකරන්න…
You’re an extremely useful internet site; couldn’t make it without ya!|
Great site you’ve got in here.|
Good Web site, Preserve the great job. Many thanks!|
Great site you have here.|
Many thanks, this website is very handy.|
}
I enjoy looking at your website. Thanks a ton!|
Thank you so much for sharing this awesome webpage.|
Thanks a ton for sharing your cool internet site.|
Thanks, this site is very practical.|
You’ve gotten the best online sites.|
I love checking your web site. Cheers!|
Incredible such a important internet site.|
Simply just needed to tell you I am just grateful that i came on your webpage.|
Great looking site. Assume you did a great deal of your own coding.|
Regards for sharing this terrific webpage.|
You’ve gotten awesome thing in this case.|