අපරාධකරුවන් රාජපක්ෂලා පමණක් නොවේ – අකිල විරාජ්

ශ්‍රී ලංකාව අත්විඳින ආර්ථික අවපාතය සම්බන්ධයෙන් රාජපක්ෂලා පමණක් අපරාධකරුවන් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට කිසිවකු හරස් නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

“ආර්ථික අර්බුදයට වගකිව යුතු තවත් අය සිටින බැවින් ලබා දුන් තීන්දුව මත පදනම්ව අර්ථකථන ඉදිරිපත් නොකළ යුතුය. ආර්ථික අර්බුදයට අර්ධ වශයෙන් වගකිව යුතු වෙනත් ආණ්ඩුවල අය සිටිති. ඒ නිසා මෑත කාලීන නඩු තීන්දුව පදනම් කරගෙන අර්ථකථන දෙන්න උත්සාහ කරන්න හොඳ නැහැ.”

“2024 අයවැයෙන් ජනතාවට යම් සහන ලබා දී ඇති අතර, සියල්ල හොඳින් සිදුවුවහොත් ලබන වසරේ මැද භාගය වන විට තවත් සහන ලැබෙනු ඇත,” ඔහු සහතික විය.

මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ද එවැනිම සහතිකයක් ලබාදුන්නා.

පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට සියලු දෙනාම ජනාධිපතිවරයාට සහාය විය යුතු බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *