ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹදී පැවසීය.
නව ලිබරල් වාදියකු වන රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියා සිදු කළා නම් එය එතරම් ගණන් ගත යුතු සිද්ධියක් නොවන නමුත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු කී රෝහණ විජේවීර මහතා බිහි කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවණේ සිටින නායකයකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් යැයි ද වීරවංශ මහතා කීය.
දේශපාලන සංස්කෘතික බලශක්ති සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව රඟපාන චරිතයක් බවට පත්කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව යැයිද හෙතෙම පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නෙළීමට යෝජිත තෙල් නළය මෙරට බලශක්තිය සුරකින තෙල් නරයක් බවට පත් නොවන බව කී ඒ මහතා එය බලශක්ති පරාධීනත්වයක් බවට පත්විය හැකි බවද සඳහන් කළේය.