එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මුදල් අමාත්‍ය මංගල සමරවීර සංවිධානය කළ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ තරුණ සමුළුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු මහීල් බණ්ඩාර එක්විය.
අපි සීරුවෙන් ව්‍යාපාරය නියෝජනය කරමින් ඔහු මෙම තරුණ සමුළුවට එක්වූ අතර සමුළුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ප්‍රකාශ කළේය.
මීට මාස කිහිපයකට පෙර ශිෂ්‍ය ව්‍යාපාරය විවේචනය කරමින් ඔහු අන්තරේ නොහොත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මොහු විවේචනය කරමින් පසුගිය දිනවල අදහස් දක්වා තිබිණි.