අන්තර් පළාත් පුද්ගලික බස් ධාවනය කිරීමට නියමිත ගාස්තුව මෙන් එකහමාරක් ඉල්ලයි

ලබන අඟහරුවාදා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ලංගම හා පෞද්ගලික බස් රථද යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ බස් රථයක අඩකට මගීන් ගෙන යෑමේදී ගාස්තු එකහමාරක් අය විය යුතු බවට තමන් යෝජනා කර ඇති බවත්, සෞඛ්‍ය උපදෙස් අනුව මෙම ක්‍රියාවලිය සිදු කරමින් අතරමගදි බස් රථ වලට මගින් නංවා ගැනීමට ක්‍රියා නොකරන බවත්ය.

කෙසේ වෙතත් වැඩිපුර ගාස්තු අය කිරීමට අවසර ලබා දී නොමැති බවයි මගී ප්‍රවාහන කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *