අනවසර ගිනිඅවි භාරදීමට හා සේවය අතහැර ගොස් සිටින හමුදා සාමාජිකයින්ට සහන කාලයක්

සියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි භාරදීමට සහන කාළයක් ක්‍රියාත්ම කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව එම ගිනිඅවි මේ මස 12 වන දින දක්වා ලඟම තිබෙන පොලිසියට භාරදීම සඳහා කටයුතු සළසා ඇත.

එමෙන්ම මෙම කාලය තුල සේවය අතහැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සේවයෙන් ඉවත්වීමට හෝ නැවත සේවයට ඇතුල්වීමටත් අවස්ථාව තිබෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

2019 සැප්තැම්බර් 30 වන දින දක්වා කාලය තුළ නිවාඩු නොලබා සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට පොදු සමාකාලය ක්‍රියාත්මක කරන බවද ඊයේ (05 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *