මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉදිකිරීම් සමාගම්වලට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය සම්මත වී ඇති හෙයින් සියලුම සංවර්ධන කටයුතු කඩිනම් කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය බිමල් රත්නායක සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්වරු පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්නට සහභාගී වූහ.