level

අධික වර්ෂාව සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

පවතින අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම නෝර්වුඩ් ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින අතර මේ වනවිට එහි අගය මීටර් 2.05ක් ලෙස සටහන් වන අතර එය අවධානයෙන් පසුවිය යුතු මට්ටමේ පවතී.

කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ඉහළගොස් ඇති  අතර එහි අගය මීටර් 5.87ක් ලෙස සටහන් වෙයි.

නිල්වලා ගඟේ ජල මට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළගොස් ඇත.

පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම මීටර් 5.59ක් ලෙස සටහන් වෙයි.

එහි අගය තවදුරටත් ඉහළයමින් පවතින අතර එය මීටර් 6ක් දක්වා වර්ධනය වුවහොත් එය සුළු ගංවතුර තත්ත්වයකි.

මේ අතර වලවේ ගඟේ ජල මට්ටම මොරකැටිය ප්‍රදේශයෙන් ඉහළයමින් පවතින අතර එහි අගය සටහන් වන්නේ 2.86ක් ලෙසටය.

මෙම අගය අවධානයෙන් පසුවිය යුතු මට්ටමකි.

අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් මීටර් 4.88ක් ලෙස සටහන් වන අතර එය සුළු ගංවතුර තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *