නොබෝදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් අද (19) පෙරවරු 9.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) රහස් පොලිසි පොලිසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
ප්‍රශ්න තුනක් කලින් පිට වූ බව කියන ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් සහ මව්පියන් පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම සිද්ධිය පිළිබඳව මේ දක්වා සිදු කර තිබෙන පරීක්ෂණ පිළිබඳව සවිස්තර වාර්තාවක් රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි කවරයක බහා අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.