ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා නිර්දේශ ලබාදීමේ කාර්ය භාර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ජාතික රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කළේය. ස්ථාවර රටකට සාමූහික මාවත යන තේමාව යටතේ අඟහරුවාදා (12) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම දැනට රට තුළ පවතින වෘත්තීය පුහුණුව සඳහා ඇති ඉල්ලුම ද අවධාරණය කළ ඔහු එවැනි අධ්‍යාපනයක් ලබා දෙන ආයතනවලට විශ්වවිද්‍යාලවලට සමාන පිළිගැනීමක් ලැබිය යුතු බව ද ප්‍රකාශ කළේය.