අද අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කර ඇත.
ඒ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේය.
මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වන අතර රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.