රට තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතර, එහි සඳහන් නව මාර්ගෝපදේශ මෙසේ සටහන් වේ.
1. සමුළු, සම්මන්ත්රණ, රැස්වීම් මැයි 21 දක්වා තහනම්.
2. Super Market වල පාරිභෝගිකයින් ධාරිතාවයෙන් 25% යි.
3. Events සහ මහජන එක්රැස්වීම් තහනම්
4. ආගමික ස්ථානවල ජනයා එක්රැස්වීම් තහනම්.
5. සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, Pub, Bars, Casino, Night club වසා තැබේ.
6. හෝටල් වල රඳවාගත හැක්කේ ධාරිතාවයෙන් 50% යි.
7. කානිවල්, සංගීත සංදර්ශන තහනම්.
8. විවෘත වෙළඳසැල් සහ පොළ පාරිභෝගිකයින් 25% යි.
9. උසාවි වල ජනතාව ධාරිතාවයෙන් 25% යි.
10. බන්ධනාගාර රැඳවුවන් බැලීම තහනම්.
11. පාසල්, පෙර පාසල්, විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.
12. මැයි 4 සිට මැයි 20 තෙක් මංගල උත්සව තහනම්.
එම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,