එමෙන්ම කටාන පොලිස් බල ප්‍රදේශයේ කදිරාන උතුර, ග්‍රාම නිලධාරී වසමේ ඇටඹගහ වත්ත ගම්මානය, කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේෂකර්ම ගම්මානය, කේ සී සිල්වා ග්‍රාම නිලධාරී වසමේ 70 බී කොටස ද අද පෙරවරුවේ සිට හුදෙකලා කර ඇත.
එමෙන්ම වත්තල පොලිස් බල ප්‍රදේශයේ සේදවත්ත ග්‍රාම නිලධාරි වසමේ මහාපමුණුගම කොටස කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ 44 වන පටුමග, නිල්සිරිගම ග්‍රාම නිලධාරී වසමේ 03 සහ 07 වන පටුමග ද අද උදෑසන හුදෙකලා කර ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.
අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩාය පොලිස් බල ප්‍රදේශයේ බක්මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ රන්හෙළගම කොටස, සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටස ද හුදෙකලා කර ඇත.
රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ අංගම්මන 182 සී කොටස සහ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ බෝහිටිය ග්‍රාම නිලධාරී වසම ද අද පෙරවරුවේ සිට හුදෙකලා කෙරිණි.
කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ පලන්නොරුව 604, කෝරළඉම 604 ඒ සහ කුඹුකබටහිර 607 ඒ යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කර තිබේ. එමෙන්ම හොරණ පොලිස් බල ප්‍රදේශයේ නර්ථනගල, 616 සී ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.