අතාවුල්ලාගේ සහාය ජනපතිට

ජාතික කොංග්‍රසය පක්ෂයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට දැනුම් දී තිබේ.

අතාවුල්ලා මහතා ජාතික කොංග්‍රසයේ නියෝජිත පිරිසක් සමග ජනපති හමුවී මේ දැනුම්දීම කර තිබේ.

මේ අතර  දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන්හ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *