අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේදී ඇතිවිය හැකි බාධාවන් පිළිබඳව සොයා බැලීමට සහ එම බාධා නිවැරදි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඉහළ බලැති කමිටුවක් පත් කර තිබේ.
කැබිනට් ප්‍රකාශක සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන පරිදි මෙම කමිටුව පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් මෙම සතියේ අනුමැතිය ලබා දී ඇත.
“අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් දාමයේ පවතින බාධාවන් නිවැරදි කිරීම, හිඟය මඟහරවා ගැනීම සඳහා කමිටුවට පැවරී ඇත,” ඔහු පැවසීය.
මෙම කමිටුව ජනාධිපති සහ අගමැති ලේකම්වරුන් මෙන්ම තවත් ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගෙන් සමන්විත වේ.
වෙළෙන්දන්ගේ අසාධාරණ මිල වැඩිකිරීම් සීමා කිරීම සඳහා අසාධාරණ මිල වැඩිකිරීම් සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය ඉතා වැදගත් බවද ගුණවර්ධන පෙන්වා දුන්නේය.
“අද එළවළු සහ පළතුරු මිල යම් තරමකට ස්ථාවර වී තිබෙනවා. ජනතාව අධික මිල ගණන්වලට එළවළු සහ පලතුරු මිලදී ගැනීම නැවැත්වීම නිසා වෙළඳුන්ට මිල පහත දැමීමට බල කෙරුනි.