අතහැරපු ගොඩනැගිලි සරසවි හෝස්ටල්වලට

අතහැර දමන ලද රජයේ ගොඩනැගිලි විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහා  යොදා ගැනීමට රජය තීරණය කර ඇත.

විශ්ව විද්‍යාල නේවාසිකාගාර ගැටලුව යම් මට්ටමකට විසඳා ගැනීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇත.

මීට අමතරව පෞද්ගලික අංශය සමඟ එකතු වී නේවාසිකාගාර ගොඩනැගිලි ඉදිකිරීමටද  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *