ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙනවා. අපවත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 88 ක්. අපවත්වන විට උන්වහන්සේ ගල්කිස්ස, ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය දැරීය.
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ට, බුරුම රජය විසින් අග්ගමහා පණ්ඩිත පදවිය ප්‍රදානය කරනු ලැබුවේ 2007 වසරේ මාර්තු 2 වන දිනයි.
අනතුරුව උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූයේ 2017 වසරේ මැයි මාසයේදීයි.