LK reports news sinhala

අගමැති පැමිණි උත්සවයේදී ආගමික නායකයින්ට කෙනෙහිළි

වවුනියාව මහරෝහලේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට හා නව ගොඩනැගිල්ලකට මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පිළිගැනීමේ අවස්ථාවේ සිට නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාව දක්වා ආගමික නායකයින්ට දැක්වූ නොසැලකිල්ල හා ආගමික වතාවත් සිදු කිරීමට සංවිධායකයින් අවස්ථාවක් නොදීම හේතුවෙන් පූජ්‍ය පක්ෂය දැඩි අපහසුතාවයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම හෝ මුල ගල තැබීමේ අවස්ථාවක් සිදු වන විට සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් සිදු කෙරෙන අයුරින් මහ රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම හා මුල්ගල තැබීමේ අවස්ථාවන්ට පූජ්‍ය පක්ෂය වෙනුවෙන් පූජ්‍ය කුරුඳුකොඩ පඤ්ඤාසාර හිමියන් සමග හින්දු පූජකවරයෙකු හා කතෝලික පූජකවරයකුට ආරාධානා කොට තිබී ඇති නමුත් අගමැති එම ස්ථානයට පැමිණ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගී වී ඇත්තේ කිසිදු ආගමික වතාවත් සිදු කිරීමක් නොමැතිවය. එහිදී දැඩි ලෙස අපහසුතාවයට පත් වූ පූජ්‍ය පක්ෂයට නැවත නව ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල්ගල තබන ස්ථානයට පැමිණෙන ලෙසින් ආරාධනාවක් ලැබී ඇති නමුත් එහිදී පූජ්‍ය පක්ෂය එම ස්ථානයට යන විටත් අගමැති ඇතුළු පිරිස් එම ස්ථානයට පළමුව රැගෙන ගොස් මුල්ගල් තැබීමේ කටුයුතු ආරම්භ කිරීමට සංවිධායකයින් පියවර ගැනීම හේතුවෙන් පූජ්‍ය පක්ෂය දැඩි සේ අපහසුතාවයට පත්ව ඇත. සංවිධායකයින්ට එහි සිදුවූ වැරදි පෙන්වා දී ආගමික වතාවත් සිදු නොකොටම පූජ්‍ය පක්ෂය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

අගමැතිගේ වවුනියාව සංචාරය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිවමෝහන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(උපුටා ගැනීම – Lanka C news)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *