අගමැතිනි ජර්මානු ජනාධිපති හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ජර්මනියේ හැම්බර්ග් හි නිල සංචාරයක නිරත විය.

සංචාරය අතරතුර දෙරට අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

102 වන නැගෙනහිර ආසියානු මිත්‍රත්ව රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතා ද හමු විය.

එහිදී මෙරට ආර්ථික ස්ථාවරත්වය, සමාජ ආරක්ෂාව සහ ජාතික සමගිය සඳහා රජයේ කැපවීම පිළිබඳ ජර්මානු ජනාධිපතිවරයා  දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *