අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය අගමැති කාර්යාලයේ විවිධ වියදම් කපා හැරීමෙන් රුපියල් තිස් දෙකෝටි නවලක්ෂයක පමණක් මුදලක් රජයට ඉතිරි කරදී ඇතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගමැතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට 65 දෙනකු බඳවා ගත හැකි වුවත් ඇය සත්‍ය වශයෙන්ම යොදාගෙන ඇත්තේ හත් දෙනකු පමණක් බවත් මාධ්‍ය අංශයට හතළිස් හත් දෙනෙකු අනුමත වුවත් ඇය යොදාගෙන ඇත්තේ දස දෙනකු පමණක් බවත් ඔහු කීවේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුව ඇතුළු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.