අකාර්යක්ෂම රාජ්‍ය අංශයේ සේවකයන්ට ස්වයං විශ්‍රාම ලබාදීමට පියවර…

සියලුම රාජ්‍ය ආයතනවල රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ස්වයං විශ්‍රාම යාමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මෙම ස්වයං විශ‍්‍රාම යාන්ත‍්‍රණය හරහා අකාර්යක්ෂම රාජ්‍ය අංශයේ සේවකයින් ඉවත් කරන බව ඔහු සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

සියලුම දෙපාර්තමේන්තුවල වියදම් කපා හරින ලෙස මහා භාණ්ඩාගාරය විසින් සියලුම අමාත්‍යාංශ වෙත ලබා දී ඇති උපදෙස් අනුව මෙම තීරණය ගත් බව පැවසූ අමාත්‍යවරයා, භාණ්ඩාගාරය නිකුත් කරන චක්‍රලේඛවලට අනුකූලව කටයුතු කිරීමට සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් බැඳී සිටින බවද පැවසීය.

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදු නොකරන බව පැවසූ ඒ මහතා කිසියම් රාජ්‍ය ආයතනයක පවතින පුරප්පාඩු රාජ්‍ය අංශයේ ආයතනවල පවතින සේවක සංඛ්‍යාවෙන් පුරවන බවද පෙන්වා දුන්නේය.

“උදාහරණයක් ලෙස නව ගුරුවරුන් 29,000ක් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. ඔවුන්ව විභාගයක් මගින් රජයේ අංශයේ උද්යෝගිමත් සේවක සංඛ්‍යාවෙන් බඳවා ගන්නවා,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *