“අංගොඩ ලොක්කා” හදුනා ගැනීමට DNA සාම්පල ඉන්දියාවට

“අංගොඩ ලොක්කා” නමින් හදුන්වන ලසන්ත චන්දන පෙරේරා නැමති පාතාල කල්ලි නායකයා ඉන්දියාවේදී මිය ගියාදැයි නිශ්චිතව තහවුරු කිරීමට අදාළ DNA පරීක්ෂණයක් සඳහා අවශ්‍ය සාම්පල මෙරටින් ඉන්දියාවට යවා තිබේ. ඉන්දීය ජාතික ඔත්තු සේවය වන රෝ ආයතනය මෙම මරණය සම්බන්ධ පරීක්ෂණවලට මේ වනවිට මැදිහත්වී සිටි.

ප්‍රදීප් සිං නමින් ව්‍යාජ ලියකියවිලි සකසා ආධාර් කාඩ් නමින් හඳුන්වන හැඳුනුම්පතක්ද සතු මෙම පුද්ගලයා පසුගිය ජුලි 3 වැනි දා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, පසුව අමානි තාන්ජි නමැති කාන්තාවක කළ ප්‍රකාශයක් මත එම මිය ගිය පුද්ගලයා “අංගොඩ ලොක්කා” බවට අනාවරණය කර තිබුණි. එය තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *