හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි?

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි  කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 කගේ විශ්‍රාම  වැටුප අහිමි වී යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පිරිසට  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 30 දෙනෙක්ද   ඇතුළත් වෙති.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ළඟදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *