හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද 81 වැනි වියට පා තබයි: රනිල්ගෙන් සුබපැතුම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි ජන්ම දිනය යෙදී ඇති නොවැම්බර් 18 වැනිදා, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දුරකථනය ඔස්සේ ඔහුට සිය උපන්දින සුබපැතුම් පිරිනමා තිබේ.
වික්රමසිංහ මහතා පෞද්ගලිකවම රාජපක්ෂ මහතා අමතා සිය උපන්දින සුබපැතුම් පළ කළ බව වාර්තා වේ.
1945 නොවැම්බර් 18 වැනිදා උපත ලැබූ ශ්රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා අද සිය 81 වැනි ජන්ම දිනය සමරයි. රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුව අග්රාමාත්ය ධුරය ද හෙබවීය.




