හිටපු ජනපති හිමිකම් කපන පනත සම්මතයි

හිටපු ජනාධිපති වරප්‍රසාද කප්පාදු කිරීමේ පනත වැඩි ඡන්ද 150 කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද එකක් ලැබිණි.

පනත් කෙටුම්පතට එසේ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවට නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *