හැටන් – මස්කෙළිය වාහන ධාවනය සීමා වේ

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට  කඩින් කඩ තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව සමග හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

එම මාර්ගයට ඉහළින් වූ තේ වත්තේ පස් කන්දක්  මෙසේ මාර්ගයට කඩා වැටී ඇත.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කරන තෙක් එම ස්ථානයේ රථවාහන ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *