හල්ලොලුවගේ ඇප ප්‍රතික්ෂේප කරයි

සිය වාහනයට  වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කර ලබන 18 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ලහිරු සිල්වා මහතා   නියෝග කළේය.

වාහනයට වෙඩි තබා ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්ලොලුව සැකකරු පසුගිය 19 දින  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *