හදිසි ආපදාවේ පාඩු වාර්තාව මැතිසබයට

හදිසි ආපදා තත්වයෙන් මාර්ග විදුලිය ජල සම්පාදන ක්ෂේත්‍රවලට රුපියල් කෝටි 10085 ක  පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා ඇති බව ප්‍රවාහන  මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්නේ ය.

මේ අනුව  රට පුරා මාර්ග කැඩීබිඳී යෑමෙන් රුපියල් කෝටි 7500  ක  පාඩුවක්  සිදුව ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්වයට පත්කිරීමට  රුපියල්  කෝටි 19000 ක  මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද  අමාත්‍යංශ නිලධාරීහු ප්‍රකාශ කළහ.

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා  (11) පාර්ලිමේන්තුවේ දී  රැස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *