සීදූවේ සමාජ ශාලාවකට බෝම්බ ගහන්න ආ හයක් මාට්ටු

සිදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනකු පෙට්‍රල් බෝම්බ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයකු , තීරෝද රථ රියදුරන් තිදෙනකු හා තවත් පුද්ගලයකු වන බව ‍පොලිසිය සඳහන් කරයි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරුට මීගමුව අධිකරණයේ විභාග වන නඩු දෙකක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *