දිගින් දිගටම කල් යමින් තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු වල පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසීය.
යම් හෙයකින් විභාගය මාර්තු මස පැවැත්වීමට යෙදුනොත් මාස තුනක් ඇතුලත ප්‍රතිථල ලබා දී ජුලි මාසයේ සිට සිසුන්ට උසස්පෙළ පන්ති සදහා ඇතුලත් වීමට ඉඩ ලබාදීමට කටයුතු කරන බවට ඔහු වැඩිදුරටත් පැවසීය.
2021 මාර්තු මස දින නවයක කාලයකට විභාගය පැවැත්වීමට පිඹුරුපත් සකසමින් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජී එල් පීරිස් මහතා පැවසීය.
කෙසේ වෙතත් උසස් පෙළ විභාගයේ ප්‍රතිථල 2021 මාර්තු වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.