සයිනොපැක් විජිතට දුන් පොරොන්දුව

හම්බන්තොට නව තෙල්  පිරිපහදුව කඩිනමින් ඇරඹීමට සයිනොපැක් සමාගම අමාත්‍ය විජිත හේරත්ට පොරොන්දු වී ඇත

ඇ.ඩො. බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක්  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යංශයේ දී මුණගැසුණි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳාලීමට අමාත්‍යවරයා ලබා දුන් සහයෝගය සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා අගය කළේ ය. ඒ අනුව දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ද ඔහු  පෙන්වා දුන්නේ ය. මීට අමතරව ව්‍යාපෘතිය ඇරඹීම සම්බන්ධයෙන් බලපා ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ලියැන්ගොන් මහතා විදේශ අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කළේ ය. මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් එම ගැටලු ඉතා ඉක්මණින් විසඳීමට මැදිහත් වන ලෙස ද ලියැංගොං මහතා විජිත අමාත්‍යවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *