සජිත් – ජයශංකර් හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

මෙහි දී ඉන්දීය -ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයේ කැපවීම සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවරදී මෙම හමුව සිදුවිණ.

ඉන්දියාවේ සුවිශේෂී නායකයකු වන අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය තුළ ඉන්දියාවේ ඵලදායී මැදිහත්වීම නැවත වරක් තහවුරු කළ අතර මෙහි දී ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික පුනර්ජීවනය සැලසුම් කිරීම සඳහා වත්මන් කාල පරිච්ඡේදය භාවිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයන්, අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සඳහා වන මාර්ග සිතියම පිළිබඳව අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාට පැහැදිලි කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *