සජිත් ආපදා කළමනාකරණයට වෙනම කැබිනට් ඇමැති කමක් ඉල්ලයි

ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර එය ශක්තිමත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ නිවැරදි නිශ්චිත කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ද අද වනවිට සුනාමියකට හසුව ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව බල ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ඒකාබද්ධ ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර එය මධ්‍යගතව ද ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙය වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *