සංවර්ධන නිලධාරීන් ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

මාධ්‍ය හමුවක දී එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ දිවයින පුරා 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවය.

සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බව ද  අනුරාධ සෙනෙවිරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *