ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් බන්දු ලාල්ට තනතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා තෝරා පත්කරන ලද බව මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගියදා ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මනූෂ නානායක්කාර මහතාට සහ හරීන් ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වූ අතර, ඒ අනුව මෙම පත් කිරීම සිදු කර ඇත.

කෙසේ වෙතත් හරීන් ප්‍රානාන්දු මහතාගේ හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පක්ෂ ජ්‍යේෂඨයෙකු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *