යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී යුද හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරන රැසක් සොයාගත් බව ගෝනගංආර පොලිසිය පවසයි.
සොයාගත් අවි ආයුධ අතර, ටී 56 ගිනි අවි සදහා යොදන ටී 56 උන්ඩ ඇතුළත් මැගසින් 214ක්,LMG ඩ්‍රම්ස් මැගසින් 38ක්,MPMG 200 ගිණි අවි සදහා යොදන උන්ඩ ඇතුළත් මැගසින් 11ක්,MPMG මැගසීන් 09ක්, ටී 81 ගිණි අවි සදහා යොදන, උන්ඩ ඇතුලත් මැගසින් 06ක් හා ගුවන් යානා නාශක අවි වලට යොදන 12.7 උන්ඩ 100ක් ඇතුළත් ඩ්‍රම්ස් 01ක් වන බව අනාවරණය වී තිබේ.
වෙහෙරගල ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයකු, මෙම අවි ආයුධ වැවෙි වැව් බැම්මේ රළ පනාව අතර තැනින් තැන විසිරි ඇති අයුරු දැක, මෙි පිලිබදව සෙල්ලකතරගම යුද හමුදා නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු, එම කදවුරේ යුදහමුදා නිළධාරින් හා ගෝනගංආර පොලිසිය එකතුව මෙම ආයුධ තොගය සොයාගෙන තිබෙි.
මෙි වනවිට සොයාගත් අවි ආයුධවලට වඩා වැඩි ප්‍රමාණයක් ජලාශයේ සොරොව්ව ආසන්න වැවෙි පතුලේ ඇති බවට සැකකරන හෙයින් නාවික හමුදාවෙි කිමිදුම්කරුවන් යොදා මෙි පිලිබදව තවදුරටත් සොයා බැලීමට අදහස් කරන බව පොලිසිය පවසයි.


