වීරකැටිය, කිංචිගුණේ ප්‍රදේශයේ සිදුකළ පොලිස් වැටලීමකදී පිස්තෝලයක් සහ පතොරම් හයක් සමඟ 35 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ ලැබුණු තොරතුරකට අනුව වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මැදමුලන, කිංචිගුණේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


