විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
2022 මැයි 6 වැනි දින යෝජිත හර්තාලය – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහභාගීත්වය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙහි විධායක කමිටුව ඉහත යෝජිත ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර යෝජිත විරෝධතා ව්‍යාපාරයට සහය දැක්වීමේ අපගේ ක්‍රියාමාර්ග ලෙස පහත දේ තීරණය කරන ලද අතර එමගින් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට අපට හැකි වනු ඇත.
2022 මැයි 6 වන දින යෝජිත හර්තාල් ව්‍යාපාරයට පහත ආකාරයට සහභාගී වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
- රජයේ රෝහල්වල සාමාන්‍ය පරිදි කටයුතු කිරීම සහ සියලුම හදිසි ප්‍රතිකාර වලට සහභාගී වීම.
- අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමඟ දිවා ආහාර වේලාවේදී රෝහලේ විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වීම
- පෞද්ගලික අංශයේ ඕනෑම හදිසි අවස්ථාවකට සහභාගී වන අතරතුර එදින චැනල් සේවයෙන් වැළකී සිටීම . අප සාමාජිකයින් පෞද්ගලික අංශයේ දැනටමත් ඇතුළත් කර ඇති අභ්‍යන්තර රෝගීන් බැලීම එදිනට සිදුකළ හැක.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, පුද්ගලික අංශයේ වෛද්‍ය විශේෂඥයින් (IMSA) සහ විශ්වවිද්‍යාල වෛද්‍ය විශේෂඥයින් (FMTAs) සමඟ සහයෝගයෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති අතර ඔවුන්ගේ සහයෝගය සහ සහභාගීත්වය මෙදිනට බලාපොරොත්තු වේ.
මෙදිනට විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට පෞද්ගලික ආයතනවල වේලාවන් වෙන්කර නොගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ආයාචනයක් කරන අතර කරුණාකර මෙම පණිවිඩය සියලුම රෝගීන්ට (පෞද්ගලික අංශයේ OPD/Channel රෝගීන්ට) ඉක්මනින් ගෙන යාමට අවශ්‍ය පියවර ගැනීම මගින් ඔවුන්ට සිදුවන අපහසුතා අවම කර ගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි .