විදේශිකයනට රියැදුරු බලපත් නිකුත් කරයි

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට , ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක්   විවෘත විය .

වසරකට වඩා වැඩි කාළයක් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන්ට , ඔවුන් සතුව බර වාහන සදහා ද රියැදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සදහා ද , ත්‍රිරෝද රථ පැදවීම සදහා ඉන්දියාව වැනි රට වල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ද , ඔවුන්ට එම රටවල  රියැදුරු බලපත්‍ර තිබේ. නම් ඔවුන් සදහා ද මෙම ශාඛා කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගත හැකිය .

විද්‍යත් තැපෑල මගින් මෙරටට පැමිණෙන සංචාරකයන් මෙම කාර්යාල වෙත තම අයැදුම් පත් යොමු කළ හැකි බවත් , එමගින් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කාළය තවදුරටත් අවම කර ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය .

ප්‍රවාහන මහාමාර්ග , සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතින් මෙම කාර්යාලය විවෘත කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *