රට නඟන අරමුදලට ආයතන දෙකකින් කෝටි පහක්

ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට සෙනුර සිවිල් ඉංජිනේරු (පුද්) සමාගම සහ  රැන්ක් කන්ටේනර් ටර්මිනල් (පුද්) සමාගම රුපියල් කෝටි පහක් පරිත්‍යාග කළේය.

ඉහත ආයතන දෙක විසින් රුපියල් කෝටි දෙකහමාර බැගින් මෙම පරිත්‍යාගය කර ඇත.

මෙම මූල්‍ය පරිත්‍යාග වලට අදාල චෙක්පත්  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට එම ආයතන දෙක නියෝජනය කරමින් රවි විජේරත්න, ෂහේන් විජේරත්න සහ ශාන්ත ඉලංගමුදලි යන මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *