යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව උද්ඝෝෂණ

යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු සාමාජිකයන් සංවිධානය කළ විරෝධතා පාගමන සහ උද්ඝෝෂණය මහරගමදි  පැවැත්වුණි.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සහභාගී වී සිටි තරුණ තරුණියන් නාවින්න ක්‍රීඩාංගණය අසලට පැමිණ එතැන් සිට හයිලේවල් මාර්ගය ඔස්සේ විරෝධතා පාඨ කියමින් පා ගමනකින් මහරගම නගර මධ්‍යයේ පිහිටි ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිටට පැමිණියේය.

පසුව එම ස්ථානයේ සිට හයිලේවල් මාර්ගයේ කොළඹ දෙසට එක් මන්තීරුවක් ආවරණය කරමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යෞවන සමාජ දේශපාලනීකරණයෙන් මුදවා දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *