යොවුන් ඔලිම්පික් රිදී පදක්කම්ලාභී ලහිරු අචින්තට ගුවන්තොටුපළේදී උණුසුම් පිළිගැනීමක්

සෙනගාලයේ ඩකාර් (Dakar) නුවර පැවති 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ලහිරු අචින්ත නොවැම්බර් 14 වැනිදා උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේදී අමාත්‍යාංශ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් වජිර ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපළේදී ඔහුව පිළිගැනීමට එක්ව සිටියහ.
ලහිරුගේ මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළ නංවන ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස ඇගයීමට ලක් කළ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, එය ඉමහත් ආඩම්බරයට කරුණක් මෙන්ම මීළඟ පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහත් ආදර්ශයක් වනු ඇති බව ද සඳහන් කළේය. එමෙන්ම ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් අමාත්‍යාංශය සිය උණුසුම් සුබපැතුම් ද පිරිනමා ඇත.




