මොරිෂස් පරදා ශ්‍රී ලංකාවට ගෝල 3-2ක ජයක්

ශ්‍රී ලංකාව සහ මොරිෂස් අතර පැවති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 3-2ක ජයක් වාර්තා කර තිබේ.

පළමු තරගයේදී මොරිෂස් හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ ශක්තිමත් ලෙස යළිත් තරගයට පැමිණීමට සමත්විය.

මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ වත්මන් FIFA පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානයක මොරිෂස් පසුවන බැවිනි.

FIFA හි වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව මොරිෂස් 178 වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව 187 වැනි ස්ථානයේත් පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *