මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය  විසින් සංවිධානය කළ “Say Not To Malariya”  මැලේරියා මර්දන සැමරුම් පාගමනක් ඊයේ (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පා ගමන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානය දක්වා ගමන් කළේය.

ශ්‍රී ලංකාවේ මැලේරියා තුරන් කිරීමේ තිරසාර 12 වසර සැමරීම සදහා සහ මැලේරියා වැලැක්වීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම පාගමන පැවැත්විණි.

මෙම පා ගමනින් අනතුරුව විහාරමහාදේවී උද්‍යානයේ දී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *