මැණික්හින්න රෝහල් ගෝරියෙන් ලෙඩා ගෙනා හතක් රෝහලේ

මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු  ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු  රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7 ක් තුවාළ ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දිගන පදිංචි පුද්ගලයන් හත් දෙනෙකි.

වෛද්‍යවරයකු සහ තවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කීප දෙනකු රෝහලේ පුටුවලින් පවා පහරදීම් සිදු කළ බව පහර කෑමට ලක්වූවෝ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද දුරකතන පණිවුඩයක් අනුව මැණික්හින්න පොලිසයේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ දෙපාර්ශවයේ තුවාළ කරුවන් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

මෙම කළහකාරී සිද්ධියේදී වාහන කීපකටද අලාභහානි සිදුව ඇති අතර , පොලීසිය රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සහ පහර දීමට ලක්වූවන් ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිද්ධිය වන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *