මාළඹේ – කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර සහ ඉන් ඉහළ පිහිටි පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවීම හේතුවෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (30) පෙ.ව. 03.15ට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩ බලන ඉංජිනේරු ඒ. එච් තුෂාරීගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේනදයේ දැක්වෙන්නේ, අඹතලේ ගංවතුර පාලන වේල්ලේ සහ මාළඹේ – කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර සහ ඉන් ඉහළ පිහිටි පහත්බිම්වල වෙසෙන මහජනතාව කඩිනමින් දැනුවත් කිරීම් සිදුකර, සුදුසු ආරක්ෂිත පියවරවල් ගන්නා ලෙසට ඉල්ලා සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *