අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිවිධ මහානාහිමිවරුන් යොමුකළ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදී ඇති බව මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
“අතුරු ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ වන බවත්, ආර්ථික අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ත්‍රිවිධ මහානාහිමිවරුන් වෙත ලිපියක් යවමින් පවසනවා” මැදගම ධම්මානන්ද හිමියෝ අදදෙරණට පැවැසූහ.
පසුගිය සතියේ ප්‍රකාශයක් කරමින් මහ නාහිමිවරුන් ජනාධිපතිවරයා, අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලුම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ වත්මන් අර්බුදය විසඳීම සඳහා තමන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කරන ලෙසයි.
පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් නොදුන්නොත් ‘සංඝ සමුළුවක්’ ප්‍රකාශයට පත් කරන බවට මහ නාහිමිවරු අවවාද කළහ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන එන ලෙසද හිමිවරු ඉල්ලා සිටියහ.