පොලිස්පතිවරයා පත් කිරීමේදී තමා කිසිදු වැරැද්දක් කර නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බොහෝ නිවැරදිව කල්පනා කර බලා ව්‍යවස්ථානුකූලව එම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
“ඒක ඔබතුමාලට වැරදි වෙන්න පුළුවන් තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂියට එකඟව ඒ තීරණය අරගෙන තියෙනවා. හැම දෙයක්ම හොයලා බලලා තමයි ඒ තීන්දුව ගත්තේ.” යැයිද ඔහු සඳහන් කළේය.
තමා එය ගෙදර සිට ගත් තීරණයක් නොවේ යැයිද අබේවර්ධන මහතා කීවේය.
පොලිස්පතිවරයාගේ තනතුර නතර කරනවා නම් ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් ඇති බවද හෙතෙම පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීය.