මත්තල ගුවන් තොටට වනජීවී කාර්යාලයක්

හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ පරිශ්‍රයට වන අලි ආදී වන ජිවීන් වරින් වර ඇතුළු වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්‍රියා කාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම් වලට හානි සිදු වන අවස්ථාවන් බහුල වන අතර, එහි මෙහෙයුම් වලට ද බලපෑම් ඇති වී තිබේ.

එලෙස යටිතල පහසුකම් වලට සිදු වන හානි පිළිසකර කිරීමට සීමා සහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට දැරීමට සිදු වන පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ වන බව ද හඳුනාගෙන ඇත. එබැවින්, එවැනි වනසත්ව තර්ජන කල් තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ගුවන් මගීන්ගේ, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන් තොටුපොළෙහි යටිතල පහසුකම් වල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ගුවන් තොටුපොළ මෙහෙයුම් වල සිදු විය හැකි ප්‍රමාදයන් සහ අවහිරතාවන් අවම කර ගනිමින් නිර්බාධිත ගුවන් සේවාවක් පවත්වා ගෙන යාමටත් හැකි වන පරිදි හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි විශේෂිත වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *